mh370 කොටස් මැඩගස්කර් දිවයිනේ…

පුද්ගලයන් 239 දෙනෙකු සමඟ 2014 වසරේ මාර්තු 8 වන දා ගුවනේදී අතුරුදන් වූ එම්.එච්. 370 මැලේසියානු ගුවන් යානයේ බවට සැලකෙන තවත් කොටස් 5ක් මැඩගස්කර් දිවයිනේ වෙරළෙන් සොයාගෙන තිබෙනවා.
කොටස් දෙකක් මුළුමනින්ම පාහේ දැවී තිබූ අතර, එවැනි සලකුණක් දිස්වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං බලා ගමන් ගනිමින් සිටියදී අතුරුදන් වූ යානය ඉන්දීය සාගරයේ මැලේසියාව සහ  ඕස්ට්‍රේලියාව අතර කොටසට කඩා වැටෙන්නට ඇතැයි මුලින් විශ්වාස කෙරුණා.

එහෙත් පසුව හෙළිදරව් වූයේ නියමිත ගමන් මාර්ගයෙන් පිටත ඉන්දීය සාගරයේ බටහිර දෙසින් වූ අප්‍රිකානු මහද්වීපය අසලට කඩා වැටී ඇති බවයි. එහි කොටස් කිහිපයක් මීට පෙර ද මැඩගස්කර් වෙරළෙන් සොයා ගැනුණා.

Blaine Gibson, who has been searching for parts of the missing flight MH370, shows piece of debris that has been found

Piece of debris that has been found with what appears to be burn marks

Piece of debris that has been found in Madagascar

Map of Madagascar with locations of beaches where debris have been found

-BBC news

Share Button

Add a Comment