Microsoft දිනුම්

Microsoft-Windows8-users-635

වෙනත් රටවල් හිමිකම දරන දත්ත ගබඩා සදහා ඇතුළුවීමට අධිකාරිය ලබා දෙන ලෙස ඇමරිකානු රජය විසින් Microsoft සමාගමට තව දුරටත් බලපෑම් කල නොහැකි බව ඇමරිකාවේ අභියාචනාධිකරණය පසුගිය දා තීරණය කළා. 2014 වසරේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවක් විසින් අයර්ලන්තයේ දත්ත ගබඩාවකට ඇතුළු වීමට ලබාගෙන තිබූ තීන්දුවක් අභියාචනය කරමින් ඉදිරිපත් කල නඩුවකදීයි මෙම තීරණාත්මක තීන්දුව ප්‍රකාශයට පත් වූයේ.

මෙම තීන්දුව cloud computing සේවාවේ ගුණාත්මක බව සුරකින සාධනීය පුර්වාදර්ශයක් බව විචාරකයින් පවසනවා. තම දත්ත සුරැකෙන බව ජනතාව තුල විශ්වාසය ඇති වීම මගින් cloud තාක්ෂණය ඇසුරු කර ගැනීමට පිරිස් පෙළඹෙන බව Microsoft සමාගමේ නීති කටයුතු පිළිබඳ ප්‍රධානී Brad Smith පැවසුවා.

මෙම කාර්යේදී සිය සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් සහය වූ Amazon, Apple, Cisco ඇතුළු සමාගම් වලට සිය කෘතවේදීත්වය පලකරන බව Microsoft සමාගම පැවසුවා.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *