Rio Olympic, 8 වන දිනයේ සමස්ත ප්‍රතිපලය..

ඔලිම්පික් ඉතිහාසයේ රන් පදක්කම් දහස ඉක්මවූ පළමු රට ලෙස වාර්තා පොතට එක්වීමට ඇමරිකාව සමත්වී තිබෙනවා.
1896 සිට රියෝ ඔලිම්පික් උළෙලේ ආරම්භය දක්වා ඇමරිකාව ලබාගෙන තිබූ රන් පදක්කම් සංඛ්‍යාව 977 ක්.
පෙරේදා වනවිට ඇමරිකාව ඔලිම්පික් රන් පදක්කම් 23 ක් දිනාගෙන තිබූ අතර, ඒ අනුවයි ඔවුන් මෙම සීමාව පසුකර ගියේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කළ ඉසව් කිහිපයක් ඊයේ පැවැත්වුණා.
කාන්තා මැරතන් ඉසව්ව නියෝජනය කරමින් ඉදිරිපත් වූ නිලූකා ගීතානි රාජසේකරට ලබාගත හැකිවූයේ එම ඉසව්වේ 129 වන ස්ථානයයි.
එමෙන්ම බැඞ්මින්ටන් මූලික වටයේ තරඟයට ඊයේ එක්වූ නිලූක කරුණාරත්නට ද ඉදිරි වටවලට සහභාගිවීමේ අවස්ථාව අහිමිවුණා.
පෝලන්තය සමඟ ඊයේ පැවති බැඞ්මින්ටන් තරඟය දෙකට බින්දුවක් ලෙසයි නිලූක කරුණාරත්න පරාජයට පත්වුණේ.
මේ අතර පදක්කම් සටහනද වෙනස්වී ඇති අතර නවතම පදක්කම් සටහන පහතින්.

http://www.hirunews.lk/Data/news_uploads/201608/meddle.jpg

http://www.hirunews.lk/Data/news_uploads/201608/medle-1.jpg

-Google

Share Button

Add a Comment