Yahoo සමාගමේ අලුත්ම පෙරළිය

hulu-ends-free-service-as-it-integrates-its-programming-with-the-launch-of-yahoo-view

Yahoo සමාගම පසුගිය දා Hulu සමාගම හා එක්ව ප්‍රේක්ෂකයින් සඳහා අලුත්ම රුපවාහිනී අත්දැකීමක් හඳුන්වා දුන්නා. “Yahoo View” එම වෙබ් අඩවියයි. Hulu චිත්‍රපට නැරඹීම සඳහා ඇති නවතම ආකාරයක් ලෙසද Yahoo View දැන් ප්‍රචලිතව තිබෙනවා. එය නොමිලේ ලබාදෙන සේවාවක් වීම තරඟකරුවන්ට එල්ල කරන්නේ ප්‍රබල අභියෝගයක්.

NBC, ABC, Fox වැනි ප්‍රසිද්ධ ජාල කිහිපයක විකාශය වුණු නවතම කතාංග ප්‍රේක්ෂකයාට රසවිඳීමට Yahoo View හරහා හැකියාව ලැබුනේ මෙම සේවාව ක්‍රියාත්මක වී දින අටක් වැනි ඉතා කුඩා කාලයක් තුළදී. රුපවාහිනී කතාමාලා, චිත්‍රපට ආදිය Yahoo View හරහා රට රටවල භේදයකින් තොරව අසීමිතව ඉදිරියේදී ලබා දීමට තමා පොරොන්දු වන බවයි Yahoo සමාගම පවසන්නේ.

Yahoo View ඩෙස්ක්ටොප් පරිඝණක සඳහා දැන් භාවිතා කළ හැකි අතර ඉදිරියේදී iOS හා Android ජංගම දුරකථන සඳහාද යොදා ගැනීමට නියමිතයි.

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *